......සිත්කවි......

Dream...

Published by ZuRi under , , on 11:41 PM

That is all...

Published by ZuRi under , , on 7:58 PM

තවමත් හිඳිමි මම...

Published by ZuRi under , , on 8:23 PM

බොඳවූ සරසවි සිහිනය...

Published by ZuRi under , on 3:24 PM

මතකද තවම

Published by ZuRi under , on 8:56 AM
 මේක මම 2010 අවුරුද්දේ ලියපු කෙටි කතාවක්
 ....................................................................................


“ඔයාගෙ දුක, සතුට බෙදාගන්න පුළුවන් මනුස්සකම තියෙන කොල්ලෙක් ඔයා වෙනුවෙන් සදාකල් බලාගෙන ඉන්නවා කියල හිතේ තියාගෙන ඔය ඇස් දෙක පියාගන්න රත්තරන්”
මතකද මනෝ ඔයා දවසක් අසනීපෙන් නින්දක් නැතිව දුක් විඳපු මට ආදරෙන් කිව්වා.



ඔය හදවතට,ඔය සෙනෙහසට කරුණාවට මම කොයිතරම්නම් ආදරය කලාද, මේ ජීවිතයේ මම විඳපු දුක් එක ඇසිල්ලකින් ඔයාගෙ ලඟදි හේදිලා යනවා,එක වචනයකින් මාව සුවපත් වෙනවා.
කිසිම දවසක මේතරම් ආදරය නොකරපු මම, නොදැකපු ඔයාගේ හදවතට මහමෙරකට වඩා ආදරය කලා, සිහින බලාපොරොත්තු අතර ජීවත් උනා. පියාපතක් තරම් සැහල්ලු උනා.සුන්දර අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තු ගොඩ නැගුවා.

ඒත් ඒ කාලය කොතරම් කෙටි කාලයක්ද? හරියටම දකිමින් හිටපු සුන්දර හීනයක් මැදදි කෙනෙක් බලෙන් ඇහරෙව්වා වගේ.

ඒ ආදරය ඒ ජීවිතය, මේ හදවත නැති සමාජය මගෙන් උදුර ගත්තා.
ඔයාගෙ දෙමව්පියන් මාව ඔයාට නොගැලපෙන කෙනෙක් කියලා මගෙන් ඔයාව ඈත් කලා,ඒ අඩුව නොදැනෙන්න ඔයාට ගැලපෙන කෙනෙක් ඔයාට ලං කලා.එයාල දිනුවා,මම පැරදුනා.



හැමදාම වගේ ඔයා අදත් ඔයාගෙ හැම සතුටක්ම අනිත් අයගේ සතුට යහපත වෙනුවෙන් කැපකලා. ඔයා ඔයාගෙ ආදරය ඉපදුනු තැනම මරල දැම්මා. මං වෙනුවෙන් අපි වෙනුවෙන් ගොඩ නගපු හීනය මකල දැම්මා.ඒත් ඒ කැමැත්තකින් ආසාවකින් නෙවෙයි කියල මම අදටත් විශ්වාස කරනවා.
පැරදුනු මගේ හදවතත් ගුලි කරගෙන ඔයාගෙන් ඈත් වෙන්න හිතුවා.එහෙම හිතන, එහෙම කරන වාරයක් පාසා මම ඔයාට තවත් ලං උනා. ඔයාගේ ආදරෙන්,ඔය උණුහුමෙන් මිදෙන්න බැරි තරමටම මම ලං උනා මනෝ.

මතකද ඔයා කිව්ව දවසක් "මේ විඳපු දුක් කන්දරාව හොඳටම ඇති,තවත් මේ දුක් විඳින්න බෑ,මටත් ජීවිතයක් තියෙනවා,මමත් ආසයි දරුවෙක්ගෙ මූණ බලන්න,ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න." කියලා.
මගේ ජීවිතයෙත් එකම බලාපොරොත්තුව උනේ ඒක,දෝරගලන ආදරයක් එක්ක දියවෙන්න,විඳපු හැම දුකක්,වේදනාවක්ම ඔයා මත දිය කරල හරින්න.ඔයත් එක්ක ඒ සුන්දර හීනයේ ජීවත් වෙන්න.
ඔයත් උත්සාහ කලා මට ඒ ජීවිතය ලඟා කරල දෙන්න,ඒත් මට ඒ ජීවිතය ලබාගන්න තරම් සුදුසුකමක් තිබුනෙ නෑ.ඒ තරම් වාසනාවක් තිබුනෙ නෑ.ඉතින් මම මගේ ආදරය වෙන කෙනෙක්ට අයිති වෙනව බල බල නිහඬ උනා,කඳුළු බිව්වා.
ඔයාගෙ සතුට වෙනුවෙන්,ඔයාගෙ අනාගතය වෙනුවෙන් ඒ හැමදෙයක්ම දරාගෙන ඉන්න මට ශක්තියක් ඇති කරන්න කියල මම හැමවෙලාවෙම දෙවියගෙන් ඉල්ලුවා,ඉල්ලනවා.



ඔයා නැතිව ඔයාගෙ ආදරය නැතිව මේ අහිංසකී තනිවෙලා.හැම රෑකම ඒ දුක උණු කඳුළු බවට පෙරලිලා ඇස් අගින් වැක්කෙරෙනවා.ඔයා කවදාවත් දකින්න අකැමැතිඋනු මගේ කඳුළු වලින් ඒ දුක ඒ වේදනාව දිය කරල හරින්න උත්සාහ කරනවා.
මට අද ඉතිරිවෙලා තියෙන්නෙ ඒ කඳුලයි සුසුමයි විතරමයි.බනින්න එපා රත්තරන් ඒ කඳුලට සුසුමට මම ආදරෙයි.,ගොඩක් ආදරෙයි.




නිතරම ඔයා කියනව මට වෙන කෙනෙක් ගැන හිතන්නලු.වෙන කෙනෙක්ට ආදරය කරන්නලු.මම කොහොමද රත්තරන් එහෙම කරන්නේ ඔයා වෙනුවෙන් ඉපදුනු ආදරය ඒ සෙනෙහස තවත් කෙනෙක් වෙනුවෙන් කොහොමද ගොඩනගන්නේ. මගේ හැම හීනයකම,හැම හුස්මකම හැම කඳුලකම ඔයා ජීවත් වෙනවා. ඒ ආදරය කොහොමද තව කෙනෙක්ට දෙන්නේ.මේ පිස්සු වෙරෝ ඔයාගෙ ආදරය නිසා පිස්සියෙක් වෙලා.

ඔයා මට අහිමිවෙලා නෑ කියල හිතන්න උත්සාහ කරනවා හැම මොහොතකම. දන්නවා ඒක හිත රැවටීමක් කියලා,ඒත් ඒ රැවටීමටත් මම කැමතියි.ඒකෙන් තවත් දවසක් හරි මාව ජීවත් කරවනවා මනෝ.




අනේ මට මේ ජීවිතෙන් පලා යන්න තිබුනනම් ,මාතර කෝච්චියට බෙල්ල තියන්න තිබුනනම්,මේ හදවත කීතු කීතු කරල වලලල දාන්න තිබුනනම්,ඒත් ඒකත් කරන්න ඉඩක් නෑ මට. ජීවිතේ විහින් නැති කර ගත්තොත් තවත් මනුස්ස ආත්මයක් ලබන්න බැරි වෙනවලු.
ලබන ආත්මෙදිවත් ඔයා මගෙ වෙන්න ඕන නිසා මේ මැරුණු හදවතත් එක්කම ඉන්නම්. අනේ ඒ ආත්මෙදිවත් මම ඔයාගෙම විතරක් කර ගන්න.වෙන කාටවත් ඔයාගෙ වෙන්න දෙන්න එපා රත්තරන්.




ඉතින් මනෝ කියන්න මට ආයෙමත්, ඔය ඇස් දෙක පියාගන්න රත්තරන් කියල, ඒත් සදහටම....

ජීවිත පට්ටම

Published by ZuRi under on 1:35 AM

ලව් එක

Published by ZuRi under on 1:31 AM

මුලා ටොපිය

Published by ZuRi under on 1:30 AM

පෙරළිය

Published by ZuRi under on 1:28 AM

නැවතියන් !

Published by ZuRi under on 1:27 AM

අරුතක් නැති දිවිය

Published by ZuRi under on 2:23 AM

අහෝ! පවුකාරිය

Published by ZuRi under on 3:43 AM

විඳින්න... ඇසිල්ලකට

Published by ZuRi under on 8:14 PM

පහන් සිළ

Published by ZuRi under on 8:01 PM

තහනම්

Published by ZuRi under on 10:47 PM

අහිමි කලෙ මට ඔබේ ප්‍රේමය

Published by ZuRi under on 10:19 PM

නොගැලූ ආදර කඳුළ

Published by ZuRi under on 11:10 PM

~~උමතු මා~~

Published by ZuRi under on 8:31 PM

සෙවනැල්ල වෙන්නම්

Published by ZuRi under on 12:00 AM

සිහිනය

Published by ZuRi under on 9:23 PM